ඉන්දියාවේ උද්ධමනයෙන් පෞද්ගලික පාසල් හිස් වෙලා | දිනමිණ

ඉන්දියාවේ උද්ධමනයෙන් පෞද්ගලික පාසල් හිස් වෙලා

ඉන්දියාවේ උද්ධමනය ඉහළ යෑමත් සමඟ එරට පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලැබූ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි වාර්තා වේ.

මේ වන විටත් දරුවන් මිලියන 4ක් පමණ පෞද්ගලික පාසල්වලින් ඉවත් කර රජයේ පාසල්වලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 2020 වසරේ සිට ඉන්දියාව මේ තත්ත්වයට මුහුණපා සිටින බව එරට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තරගකාරී රැකියා වෙළෙඳපොළට සරිලන පරිදි දරුවන් ගොඩනැඟීම සඳහා පසුගිය දශක දෙකක කාලය තුළදී ඉන්දියාවේ මව්පියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබිණි.

කොරෝනා වයිරස ව්‍යාප්තියෙන් පසුව ලොව සෑම රටක්ම දැඩි ආර්ථික අවපාතයකට මුහුණදී සිටින අතර උද්ධමනය ඉහළ යෑමත් සමඟ සෑම ක්ෂේත්‍රයකම අය කිරීම් වැඩි කිරීමට සිදුව ඇති බව විශේලේෂකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික පාසල්වල අය කෙරෙන ගාස්තු සියයට දහයකින් ඉහළ දැමීමට පෞද්ගලික පාසල් බලධාරීන් පියවර ගෙන ඇති අතර එම නිසා මව්පියන් මේ අර්බුදයට මුහුණ පා සිටියි.

නව අදහස දක්වන්න