ජොන්ස්ටන් හා රෝහිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට | දිනමිණ

ජොන්ස්ටන් හා රෝහිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා නම් කර තිබෙයි
 
තේරීම් කාරක සභාව විසින් මෙම නම් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද  (4) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
 
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2022 ජනවාරි 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මෙම නම් කිරීම සිදුකළ බවද කථානායකවරයා නිවේදනය කළේය.
 

නව අදහස දක්වන්න