අලියාන්ස් ලංකාහි විකුණුම් තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන | දිනමිණ

අලියාන්ස් ලංකාහි විකුණුම් තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන

මෙරට ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවකු ලෙස කීර්තියක් අත් කරගෙන සිටින අලියාන්ස් ලංකා සමාගම, 2021 වසරේදී සිය අලෙවි අංශයේ ඉහළතම දායකත්වයක් දැක්වූ හා කැපී පෙනෙන සාමාජික සාමාජිකාවන් පළමු වරට ඇගයීම උදෙසා වන සම්මාන උලෙළක් පසුගියදා පැවැත්වීය. මෙහිදී මෝටර් රථ, මෝටර් රථ නොවන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ රක්ෂණ ඔප්පු අලුත් කිරීමත්, අලියාන්ස් ලංකා සමාගමේ විශිෂ්ටතම රක්ෂණ ඔප්පු සැලසුම් නව පාරිභෝගික ප්‍රජාවන් වෙත හඳුන්වා දීමත් යන අංශ ඔස්සේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන් විශේෂ තරගයක් මඟින් තෝරා ගන්නා ලද අතර, ඔවුන්ට සම්මාන පිරිනැමීම අලියාන්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනුග්‍රහය හා මඟ පෙන්වීම මත සිදු විය.

මේ වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ අලියාන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි ගානි සුබ්‍රමනියම් මහතා ‘‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ සමාගම් අතුරින් එකක් ලෙස අපගේ සාමාජික සාමාජිකාවන්, අපගේ විකුණුම් වෘත්තිකයන් හට ඔවුන්ගේ රාජකාරි ජීවිතයන්හි විශිෂ්ටත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා අවස්ථා නිර්මාණය කිරීම සඳහා නිරන්තර පරිශ්‍රමයන් දරනවා. අලියාන්ස් ලංකා වෙත අනන්‍ය වූ පුහුණු වැඩසටහන්, කුසලතා වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සහ විවිධාකාරයේ අභ්‍යන්තර තරගාවලි පැවැත්වීම මඟින් වෘතීයමයභාවය, වගකීම සහ ළැදියාව වර්ධනය කිරීම උදෙසා අප විසින් කරනු ලැබූ ආයෝජනය මඟින් මේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හැකි වුණා. මේ උත්සාහයන් මඟින් අභියෝගාත්මක සහ දැඩි තරගකාරී පරිසරයක ජයග්‍රහණ ලැබීමට හැකියාව ලැබී තිබෙනවා. අප විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ තරගය මේ ප්‍රයත්නයන් ඔස්සේ ගොඩ නැඟුණු අතර, එමඟින් අපගේ විකුණුම් කණ්ඩායම් හට සිය ඉලක්කයන්ට ඉහළින් සහ එය ඉක්මවා යමින් කටයුතු කිරීමට අවැසි ප්‍රවේශය සහ ධෛර්ය ලැබුණු බව සඳහන් කිරීමට කැමැත්තෙමි. අලියාන්ස් ලංකා වෙනුවෙන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සුබ පැතුම් එක් කිරීමටත්, විශිෂ්ටත්වයේ ඉලක්කය වෙත ගමන් කිරීමට අප සාමාජික සාමාජිකාවන් ධෛර්යවත් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

නව අදහස දක්වන්න