සීගිරියේ කසළ කළමනාකරණයට පීපල්ස් ලීසිං අතහිත | දිනමිණ

සීගිරියේ කසළ කළමනාකරණයට පීපල්ස් ලීසිං අතහිත

මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම 25 වසරක සිට වගකීම් සහගත පූර්ණ මූල්‍ය සේවා විසඳුම් සමඟින් තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට දිවයින පුරා විවිධ ප්‍රජා සත්කාරක සේවා රැසක් සිදු කරමින් සිටින සමාගමකි. ඒ අනුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස කසළ කළමනාකරණ ක්‍රියාපිළිවෙත වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණින් කසළ බදුන් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් මහතාගේ සංකල්පයකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මඟපෙන්වීම යටතේ සීගිරි පරිශ්‍රයේදී පසුගියදා මහජන අයිතියට පත් කරනු ලැබීය.

ඒ අනුව සීගිරි පර්වත පරිශ්‍රය තුළ හා ඉන් පිටත ඉවත ලන ඝන අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැරලීමට අවශ්‍ය කසළ බඳුන් කට්ටල පීපල්ස් ලීසිං සමාගමේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර, සුසිල් ප්‍රියන්ත මහතා විසින් දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකාර, ආර්. උපුල් නිශාන්ත මහතා, දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය, ධයන්ත වීරසූරීය මහතා සහ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එස්. එම්. අයි. අහමඩ් මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන ශාඛාවේ අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප්‍රධානි, හිෂාන් වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛා කළමනාකාර, චතුරංග නාගොඩවිතාන මහතා, දඹුල්ල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක, ධනුක උදයංග මහතා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්. එම්. ආර්. කේ. සෙනෙවිරත්න මහතා සහ දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. ඒ. වසන්ත කුමාර මහතා ඇතුළු සෙසු නිලධාරීහු සහභාගී වූහ

නව අදහස දක්වන්න