ශ්‍රීලංකන් හොලිඩේස් සංචාරක පහසුකම් දැන් වෙබ් අඩවියකින් | දිනමිණ

ශ්‍රීලංකන් හොලිඩේස් සංචාරක පහසුකම් දැන් වෙබ් අඩවියකින්

ශ්‍රීලංකන් හොලිඩේස් විසින් මැලේසියානු මාර්ගගත සංචාරක පහසුකම් සපයන්නා වන GoQuo සමඟ සම්බන්ධ වෙමින් වැඩි දියුණු කළ විශේෂාංග සහ පහසුකම්වලින් සමන්විත අති නවීන වෙබ් අඩවියක් පසුගියදා හදුන්වා දෙන ලදි. මේ වෙබ් අඩවිය හරහා මගීන්ට ගුවන් ටිකට්පත්, හෝටල්, ගුවන් ගමන් සඳහා හුවමාරු වීම්, සංචාර සහ අමතර සේවා ඇතුළු බහුකාර්ය සේවා රැසක් ගැනීමට හැකි වේ. තව ද ඔවුන්ගේ සම්පූර්ණ නිවාඩුව සැලසුම් කර වෙන් කරවා ගැනීමට ද හැකියාව ලැබේ. තව ද වෙබ් අඩවිය පරිශීලක-හිතකාමි වන අතර, බහුභාෂා පහසුකම, සියලු ස්මාට් දුරකතනවලට ගැළපෙන අයුරින් සහ පාරිභෝගිකයන්ගේ සෑම සංචාරක අවශ්‍යතාවක්ම සපුරාලීම සඳහා නිර්මාණය කර තිබේ.

ශ්‍රීලංකන් හොලිඩේස්‌ Agoda; Expedia; සහ Hotelbeds සමඟ එකතු වීමත් සමඟ මගීන්ට ලොව පුරා හෝටල් රාශියකට ප්‍රවේශ වීමට අවස්ථාව සැලසී තිබේ. මේ වෙබ් අඩවිය මඟින් හෝටල් වල මිල ගණන් හෝ ජනප්‍රියත්වය අනුව වර්ග කළ හැකි අතර, කාලීන ශ්‍රේණිගත කිරීම් සහ TripAdvisor සමාලෝචන මත පදනම්ව මගීන්ට ඔවුන්ගේ විකල්ප තෝරා ගත හැකි වේ. තම ගුවන් ටිකට් පත් සහ හෝටල් එකවර වෙන් කරවා ගන්නා පාරිභෝගිකයන්ට සැලකිය යුතු වාසි අත්විඳීමට ද හැකියාව පවතියි. මීට අමතරව, ගනුදෙනුකරුවන්ට හුවමාරු වීම් සහ චාරිකා සංවිධාන කිරීමටත්, අමතර ගමන් මලු සහ ආසන වෙන් කරවා ගැනීම් වැනි සේවා ලබා ගැනීමටත් වෙබ් අඩවිය හරහා හැකි වේ.

මේ වෙබ් අඩවිය අන්තර්ජාල ගෙවීම් දොරටු කිහිපයකට සහාය දක්වන අතර, දැනට Visa සහ Mastercard ගෙවීම් පිළිගන්නා අතර American Express; සහ Diners Club කාඩ්පත් ගෙවීම් මේ මස මැද භාගය වන විට සක්‍රීය කෙරේ. පාරිභෝගිකයන්ට අන්තර්ජාතික මුදල් වර්ග 31ක මිල ගණන් බැලීම සහ තමන් කැමති මුදලින් ගෙවීමේ හැකියාව ඇත. ගෙවීම අවසන් වූ පසු පාරිභෝගිකයකුට ක්ෂණික වෙන් කිරීමේ තහවුරු කිරීමක් ලැබෙනු ඇත. වෙබ් අඩවියේ ප්‍රවර්ධන කේත විශේෂාංගයක් ද ඇති අතර, අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාරවලදී මගීන්ට තවදුරටත් වාසි අපේක්ෂා කළ හැකිය.

 

නව අදහස දක්වන්න