පැල්වත්ත අලුත් අවුරුද්ද සමරයි | දිනමිණ

පැල්වත්ත අලුත් අවුරුද්ද සමරයි

කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියේ පළමු තේරීම වන පැල්වත්ත සමාගම විසින් 'හරි දේ එක්ක අලුත් වෙන්න' තරගය සමඟින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන ලදි. අප්‍රේල් 10 සිට අප්‍රේල් 20 දක්වා පැවති තරගය සඳහා රට පුරා විසිරි සිටින පැල්වත්ත නිෂ්පාදන අගයන පාරිභෝගිකයෝ රැසක් පැල්වත්ත කිරි නිෂ්පාදන භාවිතයෙන් ඔවුන්ගේ අවුරුදු උදාව තේමා කොටගෙන සකස් කරන ලද අතුරුපස සහ ආහාර ඉදිරිපත් කළහ.

සහභාගි වන්නන් තම ආහාරවල ඡායාරූප පැල්වත්ත ෆේස්බුක් පිටුවෙහි ‘හරි දේ එක්ක අලුත් වෙන්න‘ තරග අංශය හරහා ඉදිරිපත් කර ඇත. සහභාගි වන්නන් කිසියම් ඉදිරිපත් කිරීමක් කිරීමට පෙර තරගය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පැල්වත්ත ෆේස්බුක් පිටුවට like කිරීම අවශ්‍ය විය. මේ තරගයේ සිත්ගන්නා කරුණ නම් සහභාගි වන්නන් පැල්වත්ත කිරි නිෂ්පාදනවලින් සාදන ලද ඔවුන්ගේ කෑමවල ඡායාරූපයක් ඉදිරිපත් කරන විට ඔවුන්ගේ වට්ටෝරු ද අනෙකා අතර බෙදා ගැනීමට දිරිමත් කිරීමයි. මෙහි අරමුණ වූයේ නිර්මාණශීලි වීමට පාරිභෝගිකයන් පොලඹවා ගැනීම පමණක් නොව විශේෂයෙන් පැල්වත්ත කිරි නිෂ්පාදන සමඟ භාවිත කළ හැකි විවිධ වට්ටෝරු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමයි.

සැබවින්ම ශ්‍රී ලාංකේය සන්නාමයක් වන පැල්වත්ත සිය කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක් වශයෙන් පමණක් නොව එහි නිෂ්පාදන භාවිතය පිළිබඳ ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ පිළිබඳ අදහස් දැක්වූ පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා, “වගකීම්සහගත සන්නාමයක් ලෙස අපි ගුණාත්මක භාවයෙන් හොඳම දේ සැපයීමේ සීමාවෙන් ඔබ්බට යෑම පමණක් නොව අපගේ නිෂ්පාදන භාවිතයට ගන්නා පාරිභෝගිකයන් ඒ පිළිබඳ තෘප්තිමත් වන බවට සහතික වීමත් අපේක්ෂා කරනවා. එබැවින් ‘හරිදේ එක්ක අලුත් වෙන්න‘ වැඩසටහන වැනි ව්‍යාපෘති හරහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තේමා කොටගත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් වන වට්ටෝරු ඔවුන්ගේ දැනුම් පරාසයන් සක්‍රීය කරයි.‘‘

නව අදහස දක්වන්න