අරලියගහ මැඳුර අසල අට්ටාල-බස් රථ ඉවත් නොකිරීම ගැන කරුණු කියන්න | දිනමිණ

අරලියගහ මැඳුර අසල අට්ටාල-බස් රථ ඉවත් නොකිරීම ගැන කරුණු කියන්න

  • නීතිපතිට-කොල්ලුපිටිය OICට නොතීසි

අරලියගහ මන්දිරය අසල සිදු කෙරෙමින් පවතින උද්ඝෝෂණය මඟින් මහජනතාවට අවහිර වන පරිදි සකස් කර ඇති අට්ටාල හා පදික වේදිකාව අවහිර වන සේ නවතා ඇති බස් රථ ඉවත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා දුන් නියෝගය මේ වන තෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට වහා කරුණු දක්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඊයේ (4) කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා නීතිපතිවරයාට ලබන 9 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කෙරිණ. ඉකුත් (2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් කොල්ලුපිටිය පොලිසිය රාත්‍රි 11.30 ට පමණ අධිකරණයට දැක් වූ කරුණු සලකා මේ නියෝගය නිකුත් කර තිබුණ ද එය මෙතෙක් පොලිසිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

නීතිඥයන් පිරිසක් විසින් ඊයේ (4) අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් අනවසර කූඩාරම් ඉවත් කරන ලෙසට අධිකරණය දී ඇති නියෝගය අවලංගු කරන ලෙසට ඉල්ලීම කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න