ජනතාව අපහසුතාවට පත් කිරීම සහ වාහනවලට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනකු පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගයේදී ඊයේ (4) පැවති විරෝධතාවකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. පාර්ලිමේන්තුව රැස් වූ ඊයේ (4) පෙරවරුවේ පිරිසක් විසින් විශ්වාසභංගයට සහාය දෙන්න ලෙස සඳහන් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවක නියැළී ඇති අතර, මේ නිසා පාර්ලිමේන්තුවට ඇතුළු වීමට මන්ත්රීවරු මාදිවෙල පිවිසුම භාවිත කර තිබේ.
බත්තරමුල්ල දියත අසල පොල්දූව මංසන්ධියේ රැඳී සිටි විරෝධතාකරුවන් එම ස්ථානය පසු කරමින් යන මැති ඇමැතිවරුන්ට විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතා දැක් වූ අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමෙන් පසු මෙසේ මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූපය - සුලෝචන ගමගේ
චින්තා රණසිංහ
නව අදහස දක්වන්න