විශ්වාසභංගයට අත්සන් කළත් ප්‍රසිද්ධ කළ ලැයිස්තුවේ මගේ නම නෑ | දිනමිණ

විශ්වාසභංගයට අත්සන් කළත් ප්‍රසිද්ධ කළ ලැයිස්තුවේ මගේ නම නෑ

රෝහිණී කවිරත්න

විශ්වාසභංගයට පක්ෂව තමන් අත්සන් කළත් පක්ෂය විසින් ප්‍රසිද්ධියට පත් කළ නම් ලැයිස්තුවේ තමන්ගේ නම සහ ඡායාරූපය ඇතුළත් නොවීම ගැන කනගාටුවට පත් වූ බවත් මේ නිසා සජබයේ කණ්ඩායම් රැස් වීම වර්ජනය කළ බවත් මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පැවසුවාය.

මේ අකාර සිදු වීම් සමඟි ජන බලවේගයේ සමඟියට බාධාවක් බව ද ඇය කීවාය.

සමඟි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවීම සම්බන්ධව කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය. ජනතා නියෝජිතයන් ලෙස මේ අවස්ථාවේ තීන්දු තීරණ ගත යුත්තේ රටට ජනතාවට යහපතක් සිදු වනු පිණිස මෙන්ම පවතින අර්බුදකාරි තත්ත්වය මැඬලීම සඳහා බවත් ජනතාව වෙනුවෙන් කරන අවංක සැබෑ දායකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියක් දීම පක්ෂයේ වගකීම බවත් ඇය කීවාය.

සාමූහික වගකීමෙන් බැහැරව කටයුතු කිරීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් යැයි ද මේ මොහොතේ පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු නොකරන බවක් පෙනෙන්නට ඇතැයි ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය. රටේ මේසා ප්‍රශ්න ගොන්නක් එකතු වී තිබියදී වගකිවයුතු පාර්ලිමේන්තුවක් විසින් කළ යුත්තේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සියලු ස්ථාවර නියෝග අත් හිටුවමින් විශ්වාසභංගය විවාදයට ගැනීම වුවත් එවැනි සාධාරණයක් ඉටු වන බවක් පාර්ලිමේන්තුව තුළ දක්නට නැතැයි ද ඇය කීවාය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න