උතුරු කොරියාවෙන් තවත් බැලස්ටික් මිසයිලයක් | දිනමිණ

උතුරු කොරියාවෙන් තවත් බැලස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව සහ ජපානය ඊයේ තහවුරු කළේය. උතුරු කොරියාවේ ප්යොංයෑංග් අගනුවරට ආසන්නයේ පිහිටි සුනාන් ප්‍රදේශයේ සිට මේ මිසයිලය යොමු කර ඇතැයි ද, එය නැගෙනහිර මුහුදට වැටී ඇතැයි ද දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

මේ අතර ජපානයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මකෝටෝ ඔනිකි ප්‍රකාශ කර ඇත්තේ එම මිසයිලය දළ වශයෙන් කිලෝමීටර් 800ක් ඉහළින් ඇදී ගොස් ජපාන ආර්ථික කලාපයට කිලෝමීටර් 500ක් දුරින් මුහුදට වැටී ඇති බවයි.

නව අදහස දක්වන්න