චීන හමුදා ශක්තියේ වර්ධනය පිළිබඳ අමෙරිකාව අනතුරු අඟවයි | දිනමිණ

චීන හමුදා ශක්තියේ වර්ධනය පිළිබඳ අමෙරිකාව අනතුරු අඟවයි

වසර ගණනාවක සිට සිය මිලිටරි ශක්තිය වර්ධනය කරමින් සිටින චීනය අමෙරිකානු නාවික හමුදාවට දැඩි පීඩනයක් එල්ල කරමින් පවතින බව අමෙරිකාවේ නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෘත්‍රිම බුද්ධිය සහ නියමුවන් රහිත යානා ඇතුළත් කරමින් චීනය සිය හමුදා ශක්තිය පෙර නොවූ විරූ අයුරින් වර්ධනය කරමින් සිටින බව ඔහු පෙන්වා දී ඇතැයි අනාවරණය වී තිබේ.

අමෙරිකාව සහ චීනය අතර සබඳතා පළුදු වීමට බලපෑ තායිවාන සමුද්‍ර සන්ධියේ සහ දකුණු චීන මුහුදේ නිදහස් නාවික ගමනාගමනය දැඩි උණුසුම් බවක් ගෙන ඇතැයි ද, වසර 2035 වන විට කලාපීය බලවතා බවට පත් වීම සහ 2050 වන විට ගෝලීය බලවතා බවට පත්වීමේ චීන ඉලක්කය නියමිත කාලයට වඩා ඉදිරියට පැමිණ ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත. ඒ අනුව එය වසර 2027 වන විට සාක්ෂාත් කරගැනීමට ඉඩ ඇතැයි ද අද්මිරාල් මයිකල් ගිල්ඩේ අනතුරු අඟවා තිබේ.

 

නව අදහස දක්වන්න