අමෙරිකා රාජ්‍ය ලේකම්ට කොවිඩ් | දිනමිණ

අමෙරිකා රාජ්‍ය ලේකම්ට කොවිඩ්

අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්ක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 
 
අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කොවිඩ් මර්දන එන්නත සහ බූස්ටර් එන්නත ලබාගෙන ඇති බව සඳහන්වේ.
 
ඔහුට මේවන විට සුළු රෝග ලක්ෂණ පවතින බව වාර්තාවේ. එමෙන්ම ඔහු ඉදිරි වැඩ කටයුතු නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිදු කරන බව ද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නේඩ් ප්‍රයිස් සඳහන් කරයි.
 
පසුගිය සෙනසුරාදා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්ක් ධවල මන්දිරයේ පැවති භෝජන සංග්‍රාහයකටද එක්ව සිටි අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ද ඊට සහාභාගි වී සිට ඇත. කෙසේ වුවද එහිදි අමෙරිකා ජනාධිපතිවරයාට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්ක් හමු නොවු බව වාර්තා වේ. 
 
 
 

නව අදහස දක්වන්න