ඉන්දීය ඔලිම්පික් ක්‍රීඩිකාවට තහනම් උත්තේජක චෝදනා | දිනමිණ

ඉන්දීය ඔලිම්පික් ක්‍රීඩිකාවට තහනම් උත්තේජක චෝදනා

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ හයවැනි ස්ථානයට පත් වූ ඉන්දීය ක්‍රීඩිකා කමල්ප්‍රීත් කෞර් මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය විසින් පවත්වන ලද පරීක්ෂණයකදී තහනම් උත්තේජක ගත් බව තහවුරු කර ගනියි. 26 හැවිරිදි කෞර් ඇනොබලික් ස්ටෙරොයිඩ් සඳහා ධනාත්මක බව තහවුරු වීමෙන් තාවකාලික තරග තහනමක් පනවා ඇත.

කෞර්ගේ ‘ඒ’ නියැදි පරීක්‍ෂණයෙන් වැරදිකරු වී ඇති අතර ‘බී’ සාම්පල පරීක්ෂාව සඳහා වැඩිදුර විභාගයක් ඉල්ලා සිටිය හැක. ‘බී’ සාම්පල පරීක්ෂාවෙන්ද වරදකරු වුවහොත් ඇයට වසර හතරක තහනමකට මුහුණ දීමට සිදු වේ. එසේ වුවහොත් කෞර්ට ඉදිරි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය අහිමි වී යනු ඇත.

ඉන්දීය මලල ක්‍රීඩා සම්මේලනය මෙතෙක් මේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වා නැති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සහ ආසියා ක්‍රීඩා උලෙළට ඇයගේ සහභාගීත්වය අපේක්ෂාවක් විය. කෞර්ගේ තහනම් උත්තේජක නඩුව ඉන්දීය මලල ක්‍රීඩාවේ විශාලතම එකක් වනු ඇත.

ටෙස්ටොස්ටෙරෝන්වලින් ගත් කෘත්‍රීම ස්ටෙරොයිඩ් භාවිතා කළ බව පවසා 1988 සෝල් ඔලිම්පික් උලෙළේදී කැනේඩියා කෙටි දුර ධාවන ක්‍රීඩක බෙන් ජොන්සන්ගේ මීටර් 100 රන් පදක්කම අහිමි කළේය.

නව අදහස දක්වන්න