ශ්‍රීලංකන් එයාර් ලයින් ගුවන් යානා ගැනීම මාස 3කින් කල් දැම්මා | දිනමිණ

ශ්‍රීලංකන් එයාර් ලයින් ගුවන් යානා ගැනීම මාස 3කින් කල් දැම්මා

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනයට අලුත් ගුවන් යානා මිල දී ගැනීම මාස තුනකින් කල් දමා ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය. ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා මේ තීරණය ගත් බව ද ඒ මහතා පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ දෙවැනි පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් චරිත හේරත් මහතා කියා සිටියේය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ දෙවැනි වාර්තාව සභාගත කරන බව ද චරිත හේරත් මහතා කීය.

 

නව අදහස දක්වන්න