අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් -19 වයිසරය මර්දනයට අදාළව 4 වැනි එන්නත් මාත්‍රාව (දෙවැනි බූස්ටර් මාත්‍රාව) දීමේ කටයුතු මේ එළැඹෙන සඳුදා (9) සිට ආරම්භ කිරීමට වසංගත විද්‍යා රෝග විද්‍යා ඒකකය සූදානම් වෙයි. මීට අමතරව අවුරුදු 20 - 60ත් අතර, ඌන ප්‍රතිශක්තිය ඇති අයටත්, නිධන්ගත ආබාධ ඇති අයටත් හතර වැනි මාත්‍රාව ලබා ගැනීම කොවිඩ් රෝගයට අදාළ තීරණ ගැනීමේ විශේෂඥ කමිටුව නිර්දේශ තිබේ.
මේ අතර අවුරුදු 20 - 60ත් අතර අයට කැමති නම් මේ මාත්‍රාව ගත හැකිය. අවුරුදු 12ත් 16ත් අතර පාසල් දරුවන්ට ද දෙවැනි මාත්‍රාව දීමට නිර්දේශ ලැබී තිබේ.
ෆයිසර් එන්නත ගත් තරුණ අයට ඉතා කලාතුරකින් හෘදයේ ආසාදන තත්ත්වයන් ඇති වීමේ අවධානම කෙරෙහි අවධානය යොමු කරමින් අවුරුදු 12 -16ත් අතර ඛාණ්ඩයේ පාසල් සිසුන් දෙවැනි මාත්‍රාව ගැනීමෙන් පසුව සති දෙකක කාලයක් තදබල ශාරීරික වෙහෙසවීම් නොකළ යුතු බව ද නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ ප්රවෘත්ති දෙපර්තමේන්තුවේදි පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (6) පැවසීය.
රන්මලී සෝමසිරි
නව අදහස දක්වන්න