දෛනික ඉන්ධන සැපයුම ගැන ඇමති කංචනගෙන් ප්‍රකාශයක් | දිනමිණ

දෛනික ඉන්ධන සැපයුම ගැන ඇමති කංචනගෙන් ප්‍රකාශයක්

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 2,500ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් දෛනිකව නිකුත් කරනු ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත. 
 
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඔටෝ ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.
 
තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000ක් ලබන 09 වැනිදා ගොඩබෑමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න