කොවිඩ් වයිරසයෙන් මියගිය සැබෑ සංඛ්‍යාව ලක්ෂ 150කට ආසන්නයි | දිනමිණ

කොවිඩ් වයිරසයෙන් මියගිය සැබෑ සංඛ්‍යාව ලක්ෂ 150කට ආසන්නයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 15කට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය දෙවසර ඇතුළත කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ රටවල් විසින් සපයනු ලැබූ සංඛ්‍යාලේඛනවලට වඩා එය 13%ක වැඩිවීමක් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 62ක් බවට වාර්තා වූවද, බොහෝ රටවල් සැබෑ සංඛ්‍යාලේඛන සඟවන බවත් වාර්තා වී ඇත.

මේ අතුරින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු දිග ආසියාවෙන්, යුරෝපයෙන් සහ අමෙරිකානු කලාපයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ. මීට අමතරව අප්‍රිකා කලාපයේ ද කොවිඩ් මරණ බහුලව සිදු වන බවට විශ්වාස කෙරේ. එහෙත් එම කලාපයේ රටවල් 54ක් අතුරින් රටවල් 41කම විශ්වාස කළ හැකි දත්ත නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

නව අදහස දක්වන්න