පාකිස්තාන-ඇෆ්ගන් දේශසීමා අර්බුදය අන්තර්ජාතික සමුළුවකදී සාකච්ඡාවට | දිනමිණ

පාකිස්තාන-ඇෆ්ගන් දේශසීමා අර්බුදය අන්තර්ජාතික සමුළුවකදී සාකච්ඡාවට

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ‘ඩියුරන්ඩ් ලයින්‘ නමින් හඳුන්වනු ලබන දේශසීමාව සම්බන්ධව උද්ගත වී ඇති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට අන්තර්ජාතික සමුළුවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී දෙපාර්ශ්වය අතර දේශසීමා අසල සිදු වූ ගැටුම් සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ දේශසීමා අර්බුදය උද්ගත වීමට හේතු වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර ගැටලුවලට බලපෑම් ඇති කිරීමට පාකිස්තානයට තිබූ අවශ්‍යතාව බව එහිදී විශේෂඥයන් අනුමාන කර ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ පාලනය බාර තලේබාන් සංවිධානය බ්‍රිතාන්‍ය යුගයේදි ස්ථාපිත කරනු ලැබූ මේ ඩියුරන්ඩ් ලයින් දේශසීමාව කෙරෙහි කිසිදු ප්‍රසාදයක් නොදක්වන බවත්, එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. මේ හේතුව මත පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන දේශසීමා අසල හමුදා අතර අඛණ්ඩව ගැටුම් සිදුවෙමින් පවතින බවත් කියැවේ.

 

නව අදහස දක්වන්න