කියුබාවේ සුපිරි හෝටලයක පිපිරීමක් – 22ක් මරුට | දිනමිණ

කියුබාවේ සුපිරි හෝටලයක පිපිරීමක් – 22ක් මරුට

කියුබාවේ හවානා නුවර පිහිටි සරටෝගා නැමැති සුපිරි හෝටලයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් 64 ක පිරිසක් තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවාව වාර්තා කරයි.
 
කියුබානු වේලාවෙන් සිකුරාදා අලුයම් කාලයේ දී මෙය සිදුව ඇත.
 
මේ සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සරටෝගා හෝටලයේ පිපිරීම සිදුව ඇති බවයි. 
 
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මේ වන විට සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය‍.
 
මූලික දත්ත වලට අනුව මියගිය අය අතර කුඩා දරුවෙකු සහ ගැබිනි කාන්තාවක් සිටින බව එහි සඳහන් වේ. බාලවයස්කරුවන් 14 දෙනෙකු ඇතුළු 64 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන් වේ.
 
ඓතිහාසික පස්මහල් ගොඩනැගිල්ලක පිහිටි එම හෝටලය මේ වන විට සුන්බුන් ගොඩක් බවට පත්ව ඇත. 
 
කියුබානු රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ විනාශ වූ හෝටලයේ පහළම මාලය තුළ දිවි ගලවා ගත් අය සිටින බවයි.

නව අදහස දක්වන්න