ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශ ගමන අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශ ගමන අරඹයි

ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයන් සිව්දෙනකු ද එක්ව සිටින අතර, නායක දිමුත් කරුණාරත්න අද කණ්ඩායම සමඟ එක් වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු ලෙස පත් වූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පළමු තරග සංචාරය ද මෙයයි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර, එම තරග මේ මස 15 සහ 23 දිනවල ආරම්භ වීමට නියමිතය. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිට දෙදින පුහුණු තරගයකට එක් වීමට නියමිතය.

නව අදහස දක්වන්න