ආර්ථික වශයෙන් රට සුරක්ෂිත කරන්න පවතින දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කළ යුතුයි | දිනමිණ

ආර්ථික වශයෙන් රට සුරක්ෂිත කරන්න පවතින දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කළ යුතුයි

රනිල් වික්‍රමසිංහ

රට ආර්ථික වශයෙන් සුරක්ෂිත කිරීම සඳහා පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමයන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තරුණ වෘත්තිකයන් පිරිසක් සමඟ පෙරේදා (07) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

රට තුළ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් පමණයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රු. බිලියන 800ක්. පවතින ආර්ථික අර්බුදය විසඳීමට නම් ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කළ යුතුයි. ඒ සඳහා දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.

අපි මුලින්ම ණය ආපසු ගෙවීමේ රාමුවක් ඇති කළ යුතුයි. රජය අනවශ්‍ය වියදම් කපා හැර අලාභ ලබන රජයේ ආයතනවල නිෂ්පාදන සහ සේවාවල මිල වැඩි කළ යුතුයි.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න