රජය වහාම හදිසි නීතිය හකුළා ගත යුතුයි | දිනමිණ

රජය වහාම හදිසි නීතිය හකුළා ගත යුතුයි

වත්මන් පාර්ලිමේන්තුවේ පවතිනුයේ විකෘතියක් බවත් රජය වහාම හදිසි නීතිය හකුලාගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (07) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

මේ අවස්ථාවේ රටවැසියන්ට තමන්ට අවශ්‍ය ආකාරයේ පාර්ලිමේන්තුවක් සාදා ගැනීමට අවශ්‍ය බවද මෙහිදී සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා මේ වන විට ජනතාව බරපතළ ආර්ථික අර්බුදයකට මැදිව සිටින බවත් දීර්ඝ කාලයක සිට මෙරට පාලනය කරන පක්ෂ දෙක මේ තත්ත්වයට වගකිව යුතු බවත් ප්‍රකාශ කළේය.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න