සමඟි ජන බලවේගය රට ගොඩනැඟීමට කැප වෙනවා | දිනමිණ

සමඟි ජන බලවේගය රට ගොඩනැඟීමට කැප වෙනවා

සජිත් ප්‍රේමදාස

මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසි එක් වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බවද පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ (08) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමඟි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති විසි එක් වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න