අරගලයේ අරමුණ සමාජය වනචාරි යුගයකට රැගෙන යෑම නොවිය යුතුයි | දිනමිණ

අරගලයේ අරමුණ සමාජය වනචාරි යුගයකට රැගෙන යෑම නොවිය යුතුයි

 

 

හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

අරගලයේ අරමුණ මනුෂ්‍යත්වය සොයා යෑම මිස සමාජය වනචාරී යුගයකට රැගෙන යෑම නොවන බව හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටී.

මේ වන විට සාමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිරෙමින් තිබෙන ප්‍රවෘතියක් දැක එම සටහන තැබීමට අදහස් කළ බව කියා සිටින ඒ මහතා කිසියම් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම අදාළ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කොට තිබීම අරගලයට සමගාමීව සිදු කරන ලද්දක් වුවද මනුෂ්‍යත්වය පාගා දමමින් ආචාර ධර්ම විනාශ කිරීමෙන් දිනාගත හැක්කක් නොවන බවද පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් සටහනක් තබමින් ඒ මහතා එහි මෙසේද දක්වා ඇත.

මේ වනවිට සමාජ මාධ්‍ය තුල එහා මෙහා වන පුවතට අනුව එය අරගලයට සමගාමීව සිදුකරන ලද්දක් බව පෙනේ. අප අරගල කළ යුතුය. ඒ සමාජය සහ මනුෂ්‍යත්වය ඔසවා තැබීමටය. මිනිස්කම් පාගා දමා ආචාර ධර්ම විනාශකොට අපට දිනිය හැකි අරගලයක් තිබේද. නැත කිසිවිටකත් එසේ නැත. නිතීඥවරයකු ලෙස මාද වෘත්තීය ආචාර ධර්ම බෙහෙවින් ගරු කරන්නකු වන අතර අප වෙත එන සේවාදායකයකු වෘත්තීය ආචාර ධර්ම ගැටුමක් මත මිස කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප නොකරන්නෙමු.

සුභාෂිණී සේනානායක සහ චින්තා රණසිංහ

 




නව අදහස දක්වන්න