29 හැවිරිදි ව්‍යාපාරිකයා මඟුල් ගෙදර ළිඳට බිලි | දිනමිණ

29 හැවිරිදි ව්‍යාපාරිකයා මඟුල් ගෙදර ළිඳට බිලි

මියගිය ජයවර්ධන චින්තක සඳරුවන්

ඇඹිලිපිටිය කෝප්පකන්ද ප්‍රදේශයේ තරුණයකු මංගල උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ළිඳකට වැටී මිය ගොස් ඇති බවට කොලොන්න පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය, ඕමල්පේ, කෝප්පකන්ද ලිපිනයේ පදිංචිව සිටී ව්‍යාපාරිකයකු වූ 29 හැවිරිදි ජයවර්ධන චින්තක සඳරුවන් නමැති අවිවාහක තරුණයෙකි. ඉකුත් 06 දින මියගිය පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති හිතවතෙකුගේ මංගල උත්සවයකට සහභාගි වී සිටින අතරතුර සවස 1.30 ට පමණ මියගිය පුද්ගලයා උත්සව ශාලාව පිටුපස තිබෙන ළිඳේ ගැට්ට උඩ වාඩි වී දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවටත් පසුව ඔහු නොමැති බැවින් මංගල උත්සවයට සහභාගි වී සිටී හිතවතුන් ඔහු පිළිබඳ සොයා බැලීමේ දී ඔහු වාඩි වී සිටී බව පවසන ළිඳ අසල ඔහු පැලැඳ සිටී පාවහන් යුගලයෙන් එකක් තිබී හමුවී ඇත. පසුව සොයා බැලීමේදී ළිඳ ගැට්ට උඩ වාඩි වී සිටී පුද්ගලයා ළිඳට දමා තිබූ දැලත් කඩාගෙන ළිඳට වැටී සිටි අතර පසුව ඔහු ළිඳෙන් ගොඩ ගෙන ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් මිය ගොස් සිටී බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඌරුබොක්ක විශේෂ

 

නව අදහස දක්වන්න