වැසිකිළි වළකට වැටී අලි පැටියා මරු දකී | දිනමිණ

වැසිකිළි වළකට වැටී අලි පැටියා මරු දකී

හම්බන්තොට ගුවන් පාලම අසල මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක් පවත්වාගෙන ගොස් අතහැර දැමූ ස්ථානයක පිහිටි වැසිකිළි වළකට වැටීමෙන් වන අලි පැටියෙකු මියගොස් සිටිය දී හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (07) සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් සිටියේ මාස 07ක් පමණ වයසැති වන අලි පැටියෙකි. වන අලි පැටියා මියගොස් සිටි ස්ථානය මිට කලකට පෙර මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇතහැර දැමූ ස්ථානයකි. එම කාර්යාලය පවත්වාගෙන ගිය කාලයේ එහි භාවිතය සෙඳහා ඉදිකර තිබු අද වන විට කිසිදු ආවරණයක් නොමැති වැසිකිළි වළකට වැටී සිරවීමෙන් මෙම වන අලි පැටියා මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලය පරික්ෂණ පවත්වයි.

සූරියවැව විශේෂ

නව අදහස දක්වන්න