අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගනී | දිනමිණ

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව රුවන්මැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝන1ායක පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අගමැතිවරයා, උන් වහන්සේගේ ද ආශීර්වාද ලබා ගත්තේය.

රුවන්මැලි මහ සෑය අබියස ආගමික වතාවත්වල නිරත වූ අගමැතිවරයා ඉන් අනතුරුව ඓතිහාසික මිරසවැටිය විහාරස්ථානයට ගොස් එහිදී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරි ආචාර්ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අගමැතිවරයා අනුරාධපුරයේ ආගමික වතාවත්වල නිරත වන අවස්ථාවේ එම පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට ආ බැතිමත්හු රාජපක්ෂ මහතා අසලට පැමිණ සුහද කතාබහක නිරත වූහ.

නුවන් කොඩිකාර, අමිල ප්‍රභාත් වනසිංහ -

අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න