පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිට ජනපති අතින් පත්වීම් | දිනමිණ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිට ජනපති අතින් පත්වීම්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ.

ඒ මහතා පසුගියදා (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

1960 වසරේදී ප්‍රථම පන්තියේ සාමර්ථ­්‍යයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ජී.එච්. පීරිස් මහතා 1965 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ගෙන තිබේ.

සහකාර කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමු පත්වීම ලද ඒ මහතා වසර 44ක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස සේවය කර තිබේ.‍ මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා ලොව විවිධ රටවල සිදු වන දේශපාලන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි.

 

නව අදහස දක්වන්න