අ.පො.ස. සාමාන්‍ය පෙළ 2021 (2022) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති ලිපිනයන් වෙතත් තැපැල් කර යැවීමට කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
අදාළ ප්‍රවේශ පත්‍ර මේ මස 12 වැනි දිනට පෙර නොලැබුණු පාසල් හා පෞද්ගලික විභාග අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව අමතා ඒ බව දැනුම් ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයයන්හි මාධ්‍යයේ සහ නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සංශෝධන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව නිවැරැදි කිරීම් සිදුකර ගැනීම සඳහා මේ මස 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ම ද අදාළ සංශෝධන කළ යුතුය. මෙම විභාගයට අදාළ කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හි පළ කර ඇත.
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2021 (2022) විභාගය මේ මස 23 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.
සිතාරා සේනානි
නව අදහස දක්වන්න