මත් ජාවාරම සම්බන්ධයෙන් ලාංකික තරුණයෙක් කැනඩාවේදී කොටු වෙයි | දිනමිණ

මත් ජාවාරම සම්බන්ධයෙන් ලාංකික තරුණයෙක් කැනඩාවේදී කොටු වෙයි

කැනඩාව හා ශ්‍රී ලංකාව අතර සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකික දෙමළ තරුණයකු කැනඩා පොලිසිය ඉකුත් දා (7) අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනකු හා ඉන්දීය තරුණයකු කැනඩා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ, මිලියන හතළිහකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය හා තවත් විවිධ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 68ක් සමඟිනි.

ඊට අමතරව විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයා ගත් බවට සැක කෙරෙන කැනේඩියානු ඩොලර් විසි අටදහසක් ද තරුණයන් දෙදෙනා නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී කැනේඩියානු පොලිසිය සොයාගෙන තිබේ.

පොලිසිය අත් අඩංගුවට ගත් තුන්දෙනා ඉන්දියාවේ සිටින මිතුරන් පිරිසකට කැනඩාවේ සිට විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය එවා ඔවුන් හරහා යාපනයේ සිටින පිරිසකට ධිවරයන් හරහා එම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට එවන බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී තිබේ.

කැනේඩියානු පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උතුරු පළාත විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න