ජය ශ්‍රී මහා බෝධි මළුවේ සුදු වැලි ඇතිරීමේ පින්කමින් | දිනමිණ

ජය ශ්‍රී මහා බෝධි මළුවේ සුදු වැලි ඇතිරීමේ පින්කමින්

වෙසක් හා පොසොන් සමය ආරම්භයට පෙර සමස්ත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන බෝධි මළුව වට සුදු වැලි ඇතිරීමේ වාර්ෂික පුන්‍ය මහෝත්සවය ලංකා බැංකුවේ බැතිබර දායකත්වයෙන් මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ පසුගිය දා සිදු කෙරිණි.

උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ලංකා වාසී සමස්ත ජනතාවට නිදුක් නීරෝගි සුවය සමඟ දියුණුවෙන් දියුණුව අත්වේවායි ආශීර්වාද කරමින් මේ පින්කම සිදු කෙරිණි.

මේ අවස්ථාවට ලංකාරාම විහාරාධිපති නුවර කලාවියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රැලපනාවේ ධම්මජෝති නාහිමිපාණන්, උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක මංගල ධර්ම කීර් ති සෝභිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය සමඟ ලංකා බැංකුවේ මහා කළමනාකාර කේ. ඊ. ඩී. සුමනසිරි, අනුරාධපුර මහ දිසාපති ජේ. එම්. ජේ. කේ. ජයසුන්දර, ලංකා බැංකු නියෝජය මහා කළමනාකරු පියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) නිලන්ත මෙනේරිපිටියගේ, මානව සම්පත් මහා කළමනාකරු ධම්ම විජේවර්ධන, අලෙවි සහකාර කළමනාකරු අරුණ හෙට්ටිආරච්චි, උතුරු මැද පළාත් සහකාර මහා කළමනාකරු පී. කේ. ජී. මහින්ද බණ්ඩාර, අනුරාධපුර නව නගර ශාඛාවේ කළමනාකරු ජනිත් ජයසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

සටහන හා ඡායාරූප

චිත්‍රාරත්න කළුආරච්චි - හිදෝගම සමූහ

 

නව අදහස දක්වන්න