ගජමුතු 2ක් සමඟ සැක තිදෙනෙක් අම්පාරේදී හසු වෙයි | දිනමිණ

ගජමුතු 2ක් සමඟ සැක තිදෙනෙක් අම්පාරේදී හසු වෙයි

අම්පාර බස් නැවතුම්පොළ අසලදී ගජමුතු 2ක් සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමටපෙරේදා (7) විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.

විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර ඇති අතර, මේ ගජමුතු විශාල මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබී ඇත. සැකකරුවන් අවුරුදු 25ත් - 40ත් අතර වයස්වල පසු වන්නන් වන අතර මොවුන් හොරණ, දෙල්විට සහ බටුවිට පදිංචිකරුවෝ වෙති. මේ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසියට භාර දීමට වැටලීම කළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, අම්පාර කඳවුරේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව මේ වැටලීම සිදු කළහ.

ගයාන් සංජය

නව අදහස දක්වන්න