අද දවසේ කාලගුණය | දිනමිණ

අද දවසේ කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (09) වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
 
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
 
ඌවසහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
 
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

නව අදහස දක්වන්න