දිල්ලි කඳවුරට යළි කොවිඩ් රිංගයි | දිනමිණ

දිල්ලි කඳවුරට යළි කොවිඩ් රිංගයි

අයිපීඑල් තරගාවලියට දැඩි තර්ජනයක් එල්ල වීමේ ලකුණු පහළ කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නැවත කොවිඩ් වයිරසයේ ආක්‍රමණයට ගොදුරු වී ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කළේය. මේ පිළිබඳ ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද වාර්තා වේ.

චෙන්නායි සුපර්කිංග්ස් පිලට එරෙහිව සිය 11 වැනි තරගයට පැය කිහිපයකට පෙර පැවැති පුහුණුවීම්වලදී පුහුණුකාර්ය මණ්ඩලයට සම්බන්ධව සිටි පුද්ගලයකුගේ පීසීආර් පරීක්ෂණයක් පොසිටිව් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දිල්ලි කණ්ඩායමේ සියලු සාමාජිකයන් නැවත ඔවුන්ගේ හෝටල් කාමර කරා යැවීමට කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මෙවර අයිපීඑල් තරගාවලිය අතරතුර දිල්ලි කණ්ඩායම කොවිඩ් ආක්‍රමණයට ගොදුරු වූයේ දෙවැනි වරටය.

මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ භෞතචිකිත්සකවේදි ඇතුළු සාමාජිකයන් 6 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබිණි. තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්, කඩුලු රකින පිතිකරු ටිම් සයිෆර්ට් සමඟ කාර්ය මණ්ඩලයට අයත් තවත් තිදෙනකුට එවර කොවිඩ් ආසාදනය වූයේය.

නව අදහස දක්වන්න