බස්නාහිර පළාත් රග්බි තරගාවලිය කල් යයි | දිනමිණ

බස්නාහිර පළාත් රග්බි තරගාවලිය කල් යයි

බස්නාහිර පළාත් රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් පැවත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ විවෘත සත් සාමාජික රග්බි තරගාවලිය රටෙහි උද්ගත වී ඇති තත්ත්වය මත කල් දැමීමට තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක් පාසල් රග්බි පිටියේ දස්කම් දැක්වීමේ අවස්ථාව අහිමි වූ යොවුන් ක්‍රීඩකයන්ට ජාතික තලයේ දොරටු විවර කර දීමේ අරමුණින් සංවිධාන කළ එම තරගාවලිය මේ මස 14 වැනිදා පැවත්වීමට සැලසුම් කර තිබූ අතර, තරගාවලිය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 18ක් සිය සහභාගිත්වය තහවුරු කර තිබූ අතර, ඒ සියලු කණ්ඩායම්වලට සිය ස්තූතිය පිරිනමන බවත්, තරගාවලිය පැවැත්වෙන නව දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් බස්නාහිර පළාත් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ තරගාවලි කමිටු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජමාල් නිසාම්ඩීන් මහතා සඳහන් කරයි.

නව අදහස දක්වන්න