තුවක්කු දෙකක් සමඟ සැකකරුවන් දැලේ | දිනමිණ

තුවක්කු දෙකක් සමඟ සැකකරුවන් දැලේ

අත් අඩංගුයට ගත් තුවක්කුවක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂා කරන අයුරු.

පසුගිය 7 දා ඇල්පිටිය කොට්ඨාස විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ඇතුලු පොලිස් කණ්ඩායම් දෙකක් ඒකාබද්ධව මන්ඩකන්ද හා ඕමත්ත යන ප්‍රදේශවල සිදු කරන ලද මෙහෙයුමකදී (ෂොට් ගන්) පතරොම් තුවක්කුවක් සහ ගල්කටස් තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ෂොට් ගන් තුවක්කුව සමග අත් අඩංගුවට පත්වූයේ හිටපු හමුදා සෙබලකු වන අතර අනෙක් පුද්ගලයා වඩු කාර්මිකයෙකි. මෙම හමුදා සෙබලා කොන්ත්‍රාත්තුවක් සඳහා මෙය රැ‍ඟෙන පැමිණියේද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය කියයි.

ෙමෙම සැකකරුවන් ඇල්පිටිය පොලිස් ස්ථානයට බාර දීමට නියමිතය.පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු කර ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ඨාශ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත, උ.පො.ප. රුක්ශාන්ත, පො.සැ.(30964) අබේරත්න පො.සැ.(39185) සුජිත්,පො.කො. (72826) කුමාර, පො.කො (69927)රවීන්ද්‍ර,පො.කො (86253) ප්‍රදීප් පො.කො. (69909) උදාර, පො.කො (84269)ජයසේකර,පො.කො. (91041)චාමර,පො.කො. (71931ජයංග,පොකො. (37570) ප්‍රදීප්,පො.කො.(34649) අබේරත්න යන නිළධාරීන් මෙම වැටලීමට එක් විය.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක -ඇල්පිටිය විශේෂ-ඇල්පිටිය සමූහ

 

 

නව අදහස දක්වන්න