හමුදාපති පොලිස්පති හෙට මානව හිමිකම් කොමිසමට | දිනමිණ

හමුදාපති පොලිස්පති හෙට මානව හිමිකම් කොමිසමට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෙට (12) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දැනුම් දී ඇත. ගාලුමුවදොර පිටියේ ඇතුළු දිවයින පුරා පෙරේදා (09) ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමට හේතුව විමසීම සඳහා ඔවුන් දෙදෙනො මෙලෙස කැඳවා ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

එහි සභාපතිනි හිටපු විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය මේ දැනුම් දීම සිදු කර තිබේ.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න