ඇඳිරි නීතිය හෙට උදෑසන දක්වා දීර්ඝ කෙරේ | දිනමිණ

ඇඳිරි නීතිය හෙට උදෑසන දක්වා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය හෙට (12)  උදෑසන 7 න් අවසන් වීමට නියමිතව ඇත
 
මීට පෙර පනවා තිබූ පරිදි ඇඳිරි නීතිය අද (11) උදෑසන 07 න් අවසන් වීමට නියමිතව තිබිණි
 
නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ පරිදි ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනු ලැබීය
 
ඒ අනුව එම කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළෙ රැඳීසිටීමට කිසිවෙකුටත් අවසර නොමැති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

නව අදහස දක්වන්න