සජිත්ට ශ්‍රීලනිපයේ සහාය | දිනමිණ

සජිත්ට ශ්‍රීලනිපයේ සහාය

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාර ගන්නේ නම් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දීමට සූදානම් බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) පැවසීය.

මහා සංඝරත්නය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.

පක්ෂ 11 නායකයන් සමඟත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා ඉවත් වෙනකම් අගමැතිකම භාර නොගන්නා බවට මතයේ නොසිට ආණ්ඩුවේ නායකත්වය භාරගෙන වැඩ කරන්නැයි ජයසේකර මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාට යන්න කියලා ඔහුත් නැතුව අගමැතිවරයත් නැතුව රට කවුද භාර ගන්නේ යැයි ද ඒ මහතා කීවේය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න