පොදුජන පෙරමුණේ පද්දිරිප්පු කාර්යාලයේ පුවරු ගිනි තබයි | දිනමිණ

පොදුජන පෙරමුණේ පද්දිරිප්පු කාර්යාලයේ පුවරු ගිනි තබයි

කලුවන්චිකුඩි ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පද්දිරිප්පු ආසන කාර්යාලයේ පුවරු එම ප්‍රදේශයේ ජනතාව විසින් කඩ බිඳ දමා ගිනි තබන ලදී.

එම පක්ෂ කාර්යාලය කලුව්න්චිකුඩි ප්‍රදේශයේ නිවෙසක‌ කුලී පදනම මත පවත්වාගෙන ගොස් ඇති අතර, එහි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා පොදජන පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් සංවිධායක පී. චන්ද්‍රකුමාර් යන අය‍ගේ ඡායාරූප අඩංගු පුවරු සවි කර තිබුණි. රට තුළ ඇති වී ඇති කලබලකාරී තත්ත්වය හේතුවෙන් නිවාස හිමිකරු විසින් තාප්පයේ සවි කර තිබූ සියලුම පුවරු හා පොහොට්ටුවේ ලාංඡන ඉවත් කරන ලෙස පොලීසියට දන්වනු ලැබ ඇතත් ඒ බව දැනගත් දකුණු එරුවිල් පත්තුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් විනෝරාජ් ඇතුළු තරුණ පිරිසක් එම ස්ථානයට ගොස් පුවරු ඉවත් කර, කාර්යාලය තුළ ගබඩා කර තිබූ අ‍ෙනක් පුවරු ද රැගෙනවිත් මහා මාර්ගය අසල තබා මෙසේ ගිනි තබා තිබේ.

 ටී.එල්. ජ්ව්ෆර් කාන් - මඩකලපුව සමූහ

නව අදහස දක්වන්න