ඇඳිරිනීතිය නිසා මැණික්කුඹුර ආර්ථිකයේ එළවළු කිලෝ ලක්ෂයක් විතර කුණු වෙලා | දිනමිණ

ඇඳිරිනීතිය නිසා මැණික්කුඹුර ආර්ථිකයේ එළවළු කිලෝ ලක්ෂයක් විතර කුණු වෙලා

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා

හදිසියේ ඇඳිරිනීතිය පැනවීමත් සමඟ කටුගස්තොට මැණික්කුඹුර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් කුණු වී විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා මහතා මෙසේ පැවැසීය.

"එළවළු තොග විශාල ප්‍රමාණයක් පසුගිය 09 වැනි දින ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණා. ඒත් ඇඳිරි නීතිය නිසා එළවළු තොග මිලට ගන්න වෙළෙන්ඳන් ආවේ නෑ. හදිසියේ පැනවූ ඇඳිරි නීතිය නිසා එළවළු ව්‍යාපාරිකයන් වගේම ගොවීන් ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවල වගේම ගොවිබිම්වල ද එළවළු කුණු වෙනවා."

ඡායාරූපය - මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබු එළවළු තොග

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න