වීරකැටිය ප්‍ර/සභා මන්ත්‍රීගේ නිවෙසත් ගිනි තබයි ගම්වාසීන් සැකකරුවකු අල්ලා බැඳ දමලා | දිනමිණ

වීරකැටිය ප්‍ර/සභා මන්ත්‍රීගේ නිවෙසත් ගිනි තබයි ගම්වාසීන් සැකකරුවකු අල්ලා බැඳ දමලා

වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමල් හෙට්ටිආරච්චි මහතාගේ මිද්දෙනිය ගල්පොත්තයායේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.10 දින මධ්‍යම රාත්‍රියේදී පැමිණි කිහිප දෙනකු දෙමහල් නිවෙසේ ඉහල මහලට පිවිසෙන දොර කඩාදමා ඇතුල්වී මේ ගිනි තැබීම සිදුකර ඇත. ප්‍රදේශවාසීන් හා යාබද නිවැසියන් තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථයක් ආධරයෙන් ගින්න මැඬ පවත්වා ඇතත් ඒ්වනවිටත් ගින්නෙන් නිවෙසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ. පාසල් දරුවන්ගේ පොත්පත්ද ඒ් අතර දක්නට ලැබිණ.

ගින්න දැක එම ස්ථානයට ප්‍රදේශවාසීන් පැමිණ ඇති අතර ඒ් සමඟ ගිනි තැබීමට පැමිණි පිරිස පලාගොස් තිබේ.එක් පුද්ගලයකුට පැනගැනීමට නොහැකිව වෙනත් මාර්ගයක දිවගොස් ඇති අතර ප්‍රදේශවාසීන් එම පුද්ගලයා අල්ලාගෙන ඇත.අල්ලා ගත් පුද්ගලයා විසින් පැමිණි පිරිස පිළිබඳව අනාවරණය කර ඇති අතර පසුව ගම්වාසීන් විසින් සැකකාර පුද්ගලයා මිද්දෙනිය පොලිසිය වෙත භාරදී ඇත. ප්‍රදේශවාසින් පවසන්නේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පලිගැනීමේ චේතනාවෙන් මෙය සිදුකර ඇති බවයි.මේ මන්ත්‍රීවරයා අසරණ රෝගී පවුල් සඳහා සිය වැටුප සමඟ වෙනත් උපකාර කරමින් ජනතාට ඉතා සමීපව කටයුතු කරන මහජන නියෝජිතයකු ලෙස ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයකුද වේ. මිද්දෙනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මැදමුලන සමූහ

නව අදහස දක්වන්න