ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවීම බොරු ප්‍රචාරයක් | දිනමිණ

ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවීම බොරු ප්‍රචාරයක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

ඉන්දීය හමුදා භට පිරිස් ශ්‍රී ලංකාවට යැවීමේ කිසිදු සූදානමක් නැති බවත් ඒ සම්බන්ධයෙන් පළ වන විවිධ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.

ඉන්දියාවේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ එහි භෞමික අඛණ්ඩතාවට ඉහළින්ම ගරු කරන බවත් මෙවැනි වාර්තා සහ එවැනි අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපෙන බවත් එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

විවිධ පක්ෂ, කල්ලි, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් නිකුත් කරන නිවේදන හෝ වාර්තා කිසිසේත්ම ඉන්දීය රජයේ ස්ථාවරය නොවන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න