ප්‍රචණ්ඩත්වය වැපිරූ සමාජ මාධ්‍ය ජාලා හිමිකරුවන්ට වැඩ වරදී | දිනමිණ

ප්‍රචණ්ඩත්වය වැපිරූ සමාජ මාධ්‍ය ජාලා හිමිකරුවන්ට වැඩ වරදී

 

පසුගිය දිනවල සිදු වූ ප්‍රචණ්කාරී සිදුවීම්වලට ආධාර අනුබල දුන් සමාජ මාධ්‍ය ජාලා සහ ක්‍රියාකාරීන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් දිවයිනේ හෝ ඉන් බැහැරව සිටිය ද දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. රට පුරා සිදු වූ ප්‍රචණ්කාරී සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවූ සහා ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු කළ සමාජ මාධ්‍ය ජාලා සහ එහි ක්‍රියාකාරීන් 59කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර පොලිස් බුද්ධි සේවා සහ පොලිස් පරිගණක තාක්ෂණික අංශවල සහයෙන් තවත් පිරිසක් හඳුනාගනිමින් සිටින අතර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුගිය (09) දිනවල කොල්ලුපිටිය සහ ගොල්ෆේස් පිටියේ සිදුවූ ප්‍රචණ්කාරී ක්‍රියාවලට සමගාමීව දිවයින පුරා ප්‍රචණ්කාරී ක්‍රියා රැසක් සිදුව ඇති බවට පොලිසියට වාර්තාවී තිබේ. ඒහේතුවෙන් ජීවිත හානි තුවාලවීම් රජයේ සහ පෞද්ගලික දේපළ හානිවීම් රැසක් සිදුව ඇත. මෙවැනි ආකාරයේ අපරාධවල පෞද්ගලික හේතුන් මත ද යම් යම් පුද්ගලයන් නිරතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මාර්ගයේ ගමන් ගන්නා වාහන පරික්ෂා කරමින් ඒවාට හානි කරමින් ඒවායේ දේපළ මංකොල්ලා කමින් එම වාහනවලට ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ගිනි තබා තිබූ වාහනවල කොටස් මංකොල්ල කමින් ඒවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් මෙවැනි දේ කිරීමට පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කැඳවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

 

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න