දේශබන්දු තෙන්නකෝන් අද මානව හිමිකම් කොමිසම හමුවට | දිනමිණ

දේශබන්දු තෙන්නකෝන් අද මානව හිමිකම් කොමිසම හමුවට

ගාලුමුවදොරදී පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

එම සිද්ධියෙන් පසු රට පුරා ඇති වූ සිද්ධි සහ ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම යන කරුණු ආවාරණය කර ගැනීම ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඊයේ (12) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ තවත් බන්ධනාගාර නිලධාරියකු ද ඊයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණි.

 

සුභාෂිණි සේනානායක

නව අදහස දක්වන්න