සා/පෙළ උපකාරක පන්ති 17 වැනිදා සිට තහනම් | දිනමිණ

සා/පෙළ උපකාරක පන්ති 17 වැනිදා සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවය.
 
එවැනි පාර්ශව මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
 
 

නව අදහස දක්වන්න