වෙසක් පොහොයදා විදුලි කප්පාදුවක් නෑ | දිනමිණ

වෙසක් පොහොයදා විදුලි කප්පාදුවක් නෑ

හෙට (14) දිනයේදීත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ.
 
කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී තිබෙන 15 වනදා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දෙයි.
 
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී පැය 10ක් 12ක් විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි
 
ස්වභාවික ජනන ක්‍රමවලින්  මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බව ද ඒ මහතා කියා සිටියේය
 

නව අදහස දක්වන්න