අසරෙන්කාට පිට පිට 25 වැනි ජය | දිනමිණ

අසරෙන්කාට පිට පිට 25 වැනි ජය

ලොව අංක එකේ තරගාවලියක් වන ඉතාලි විවෘත ටෙනිස් තරගාවලියේදී වික්ටෝරියා අසරෙන්කා 2000 වසරේ සිට පිට පිට තරග 25ක් ජයගත් ලොව 9 වැනි ක්‍රීඩිකාව බවට පත් වෙයි. රෝමයේදී පැවති දෙවැනි වටයේදී කොලම්බියාවේ ඔසේරෝ සෙරේනෝ පරාජයට පත් කරමින් තම පිට පිට 25 වැනි ජය වාර්තා කිරීමට අය සමත් වූවාය.

එහෙත් 26 වැනි තරගයේදී 32 හැවිරිදි අසරෙන්කා පෝලන්තයේ 20 හැවිරිදි ස්වීටෙක් ක්‍රීඩිකාව හමුවේ 6-4ක් 6-1ක් ලෙස පරාජයට පත්වීමෙන් ඇයගේ ජයග්‍රාහී ගමන නිමාවට පත් විණි. ඒ අනුව කැනඩාවේ බියන්කා ඇන්ඩ්‍රෙස්කෝව් සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පෝලන්ත ක්‍රීඩිකාව සමත් වූවාය.

2000 වසරේ සිට තරඟ 25ක ජයග්‍රහණ වාර්තා කළ අයගේ කීර්තිමත් ලැයිස්තුවට වීනස් විලියම්ස්, සෙරීනා විලියම්ස්, ජෙස්ටින් හෙනින්, රෝජර් ෆෙඩර්, රෆායල් නඩාල්, නොවැක් ජොකොවික් හා ඇන්ඩි මරේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද අයත්ව සිටිති.

නව අදහස දක්වන්න