ඉදිරියටත් නායිකාව බිස්මා | දිනමිණ

ඉදිරියටත් නායිකාව බිස්මා

මෙවර තරග වාරයේදී ද පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු නොවන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් තව දුරටත් නායිකාව ලෙස 30 හැවිරිදි බිස්මා මාරූෆ් කටයුතු කිරීමට නියමිතය. 2016 දී සානා මිර්ගේ ඉවත් වීමෙන් පසු විස්සයි20 නායකත්වයට පත් වූ බිස්මා 2017 ලෝක කුසලානයෙන් පසු එක්දින නායිකාව ලෙස නම් කෙරිණි.

නවසීලන්තයේදී නිමා වූ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම දස්කම් දැක්වීමට අසමත් වීම නිසා බිස්මාගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැනනැගිණි.

කෙසේ වෙතත් යළිත් නායිකාව ලෙස පත් කළ බවට නිවේදනය කිරීමෙන් අනතුරුව බිස්මා පැවසුවේ “ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට තම රටේ නායකත්වය දීම සැබවින්ම ගෞරවයක්. මේ භූමිකාවේ දිගටම කටයුතු කිරීමට ලැබීම මට විශාල භාග්‍යයක්” යන්නයි.

නව අදහස දක්වන්න