පොහොට්ටුවේ සහාය අගමැතිට | දිනමිණ

පොහොට්ටුවේ සහාය අගමැතිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(14) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත් වුණි
 
රටේ පවත්නා වත්මන් තත්ත්වය මෙන්ම  පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර රටේ ප්‍රශ්න විසදමින් ආර්ථිකය ගොඩනගන ගමනේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවසීය.

නව අදහස දක්වන්න